ඉපදුන
දවසේ ඉදන්ම අපිට මේ ලෝකේ අය එක්ක නෑකම් ඇතිවෙනවා. මමත්
මුලින්ම දුවෙක් උනා, ඒ
එක්කම මිනිබිරියෙක්, නංගි
කෙනෙක් උනා. පස්සේ
කාලෙක අක්ක කෙනෙක්, ඔය
අතර මට සුවිශේෂව දැනුන නෑකමක් ඇති උනා ඒ මම නැන්ද කෙනෙක් උනා. පුංචි
කෙලි පැටියෙක් තමයි ඉස් ඉස්සෙල්ලම මට නැන්දා කියල කිව්වේ. එතකොට
මම ඉස්කෝලේ යනවා. මට
ඒ පදවිය හරිම ලොකු ආඩම්බරයක් උනා. ඔහොම
ඉදල කාලේකදි පුංචි කෙනෙක් උනා, දැනට
පුංචි පැටව් 11 දෙනෙකුට
මම නැන්දා, පැටව්
3 දෙනෙකුට මම පුංචි වෙනවා.
ඔන්න
දැන් කියන්න හදන්නෙ අලුත්ම නෑකම... මම
පුංචි පැටියෙකුට ලොකු අම්මියෙක් වෙන්න යනවා... මගේම
කියල දැනෙන මගේ පුංචිගෙ පොඩි දුවට පුංචි දූ පැටියෙක් ලැබෙන්නයි යන්නේ...
දැනට ටික දවසක් වෙනවා අපි මේ සුභ අරංචිය දැනගෙන, ඒක
දැන්ගත්ත දවසේ ඉදන් මටත් ලොකු වගකීමක් ලැබිල වගේ, දැන්
බබාගේ ඇදුම් මහන්න බඩුගන්න මමත් බර කරට දාගෙන, හැමවෙලේම
බබා ආවහම අපි කරන දේවල් කල්පනා කරනවා, දුවක්
කියල දැනගත්ත දවසේ ඉදන් රෝස පාට පුංචි ඇදුම් අතගගා නංගියි මමයි කඩවල් ගානේ ඇවිදින්න පටන් ගෙන...
පුංචි පැටිය එනතුරු ඇඟිලි ගනිනවා,
පුංචි දෝණි එකනම් අපි මග බලනවා. මුලින්ම
පැටියෙක් ගැන දැන්ගත්තම දෝණිගේ තාත්තියි මමයි රන්ඩු උනා, තාත්ති
කිව්වෙ පුතෙක් කියලා මම කිව්වා නැහැ දුවක් කියලා, ඉතින්
ඔන්න අන්තිමේදි ලොකු අම්මි දිනුවා, ඒත්
දැන් හරියට මම පුතෙක් කිව්වා වගේ තමයි දූ පැටියගේ තාත්ති හැසිරෙන්නෙ, අපි
හැමෝටම වඩා දුවකට එයා ආසාවෙන් බලන් ඉන්නවා, අපි
වටේ ඉදන් කෑගහද්දි දෝණි හරියට දගලනවලු,
එතකොට දෝණිගේ අම්මි කෑගහනවා, එපා
සද්ද කරන්න මෙයා මට ගහනවා කියලා.
මේ සේරම සතුට ඔයා නිසා පුංචි දූ...
ඔයා මේ ලෝකෙට ආවහම ලොකු අම්මි පුලුවන් තරම් හොද දේවල් ඔයාට උගන්නන්නවා, ඔයාට
පුලුවන් උපරිම දේ දෙනවා,ඒක මම පොරොන්දු වෙනවා,
ඔන්න එහෙනම් නිකිණි මාසෙදි අපේ පුංචි දෝනි එනකන් අපි මග බලාගෙන ඉන්නවා..
මේක එයාට යවන්න තමා විදියක් නැත්තේ.. සුභ ආරංචියකුත් එක්ක නෙව ඇවිල්ල තියෙන්නේ.. අපිත් බලාන ඉමු නිකිණි වෙනකල්...
ReplyDeleteමේක ප්රින්ට් කරල අම්මට කවන්න තමයි වෙන්නේ...:D
Deleteඅපිත් මග බලාගෙන ඉමුකෝ :)
ReplyDeleteජය වේවා !
සහන් අයියත් බලන් ඉන්නවා කියන්න පුංචි නිකිණි එනකම් හොඳද ...?
Delete@ සෑම්, බොහොම ස්තූතියි...
Delete@ සහන්, අයියා????? මම අදුරල දෙන්න හිටියෙ සහන් සීය කියලා...
අනේ ෂෝයි.... දූ පැටියා එනකම් කට්ටියට ඉවසිල්ලක් නැතුව ඇති නේද...
ReplyDeleteඔව් නංගෝ අපි ආසාවෙන් බලන් ඉන්නවා එතකන්..
Deleteදැන් නදිනි ඉන්නේ ලංකාවෙද ඒ කියන්නේ?
ReplyDeleteහැකි ඉක්මනින් ආච්චියෙකුත් වේවා.
අන්න අයියත් වරද්දගෙන වගේ අම්මියෙක් නෙමෙයි ලොකු අම්මියෙක් වෙන්නයි යන්නේ...තාම පිටරට තමයි ඉතින්..
Deleteමම වරද්දගත්තේ නෑ. මට තේරුනා. මම කිව්වේ ඊලඟ තට්ටුව ග්රැන්ඩ් කියන එකයි.
Deleteඑතකොට මේ ඇඳුම් මහන්නේ ලංකාවේ ලැබෙන්න යන බබෙකුටද? නැතිනම් එයාලත් ඉන්නෙ ඔය රටේද? ඒකයි ටැපලුනේ.
හුරේ... මං මාම කෙනෙක් වෙලා :)
ReplyDeleteදැම්මම නමක් දාල තියමු...
දාමු දාමු, මමත් දැන් නම් මතක් කරනවා.
Deleteමල සේක.. ආපහු කිවෙව්වමයි තේරුනේ.. මේක මහ පටලවලනෙ ලියල තියෙන්නෙ, රෙද්ද.. මං මේ මගේ බ්ලොග් එකේ ඔයාට සුභ පතල පෝස්ට් එකක් දාන්න හැදුවෙ.. :(
ReplyDeleteහොද වෙලාවට දෙවෙනි පාරට කියෙව්වේ...:D
Deleteචූටි බාල ශෝයි, ඇඟේ ජරා කරන්නෙ නැත්නම්...
Deleteඔව් ඔව් උඹ ඉපදුන දවසේ ඉදන් ටොයිලට් ගිහින් වෙන්න ඇති වැඩේ කරේ?
Deleteඅපිත් බාප්පිලා හරිය... ඒත් දෝණියන්දෙකුට.
ReplyDeleteනැන්දී පුංචි වෙලා, පුංචි ලොකු අම්මියෙක් වෙන්න යන ගමනට මගෙන් උණුසුම් සුභ පැතුම්. එතකොට ඔය ලොකු කෑල්ල හැලෙන දවස කවද්ද බොල එන්නේ...
දන්නවා දන්නවා බාප්පොච්චි ගැන...
Deleteඉක්මනටම ඒ දවස ඒවි කියල බලාගෙන ඉන්නවා අකම්....
එදාට තමයි උඹ එළිච්චියෙක් වෙන්නේ. :D (ටියුබ් ලයිට්නම් දේශකයාට දීපු රිප්ලයි එක බලන සේක්වා)
Delete(විහිළුවක් හොඳේ)
අලෙ ෂෝයි අනේ
ReplyDeleteමගෙනුත් සුභ පැතුම් අක්කියෝ!
මට සුභ පැතුම අලුත් නෑකමට වෙන්න ඇති නේද මල්ලෝ...
Deleteමම නංගිට කියන්නම් කෝ..
ඈ බං නදියෝ.. මට කියන්න දෙයක් නැනේ... හි හි....
ReplyDeleteමොනවා... හි...හි..කියන්නද.. හි...හි..නේද.. හි...හි. අනේ ?
Delete.. හි...හි.... හි...හි.... හි...හි.... හි...හි.... හි...හි.... හි...හි.... හි...හි.... හි...හි.... හි...හි.... හි...හි.... හි...හි..
හිරුවත් හෙට අනිද්ද මීට වඩා හොද පෝස්ට් එකක් දායි නේද? අම්මියෙක් වෙනෝ කියලා?
Delete@ යසිත්, හම්බවෙයි හිරුවගෙන්..
අනේ වාසනාවන්...මගෙත් කැමැත්ත ඉස්සෙල්ලාම දුවෙක්...
ReplyDeleteසිරා අයියාගේ පෝස්ට් එක දැක්ක ඒත් මේ දවස් වල යලට මහටනෙ බ්ලොග් කියවන්නෙ ඉතින් කමෙන්ට් කරන්න බැරි උනා...
Deleteඉස් ඉස්සෙල්ලම දුවක් පවුලට වාසනාවක්ලු, ඒ ඉතින් පුතෙක් උනත් හොදයි... කවුරු උනත් දරුවෙක්නෙ..
හුටා...අපි සීයල වෙයිද..?
ReplyDeleteඑහෙම වෙන්නෙ කොහොමද? අර අලුත් වී පැංචෙක්ගේ තාත්තෙක් වෙන වෙලාවෙ?
Deleteදැනට මමෙක් කියල කියල දෙන්නම්කෝ..
ඔන්න මං මාමත් ආවලු පොඩි එකී බලන්න.. :)
ReplyDeleteබොහොම ස්තූතියි චන්දන මාමේ, කෙල්ල පෝරුවට නග්නන්න ඕනි වුනත් මේ ඉන්නෙ මාමලා.....:D
Deleteඑල! මතක් කරලා ඒ පැටික්කිට මේ බ්ලොග් එකෙන් අකුරු කියවන්න!
ReplyDeleteඒකත් හොද අදහසක් තමයි නාඩි සීයේ...
Deleteමාත් මේ බාප්පා කෙනෙක් වෙන්න මඟ බලාගෙන ඉන්නේ.. තව ටික දවසකින් ඒකත් හරි..
ReplyDeleteඑහෙනම් අක්කටත් සුභ පැතුම් හොදේ..
බොහොම ස්තූතියි මල්ලි... මම නම් ඔයාට සුභ පතන්නෙ ඉක්මනටම තාත්තියෙක් වෙන්න කීයලා..
Deleteසුබ පැතුම් මගෙනුත්
ReplyDeleteඔන්න චූටි දූ එනකල් ලොකු අම්මි මග බලන් ඉන්නව
බොහොම ස්තූතියි නංගෝ...
Deleteමං බයේ උන්නේ මේ බ්ලොග් එකත් වැහෙයි කියල, අර කවී අක්කගේ බ්ලොග් එක වගේ... එහෙම නෑනෙ.
ReplyDeleteලොකු අම්මිගේ බ්ලොග් එකෙන් දුවගේ වැඩකිඩ අපිටත් බලා කියා ගන්න පුළුවන් වෙන්නේ නැතෑ ....:D
අනේ නෑ රයිටරයෝ, මම මේ ටිකේ හොදටම බිසී උනා... ඔව් ඔව් වැඩ කිඩ කියන්න එලියට එනකන් ඉන්නේ..
Deleteඒ මේ... මට එහෙම එයා මාමේ කිව්වොත් බලාගම්මු ඈ.. :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හරි හරි මම රජ සීයා කියන්න උගන්නම්කෝ...
Deleteමාතලන්ගේ එකේ වැටෙන්නෙ නැද්ද මේක.නෙන්රිගේ එකේ දැකලයි ආවේ.
ReplyDeleteඅපිටත් ඉස්සෙලම දුවෙක් තමා.දවසින් දවස ලොකු වෙනව දකිද්දී පුදුම සතුටක් දැනෙන්නෙ.දෙන්නම සීසර් කරල ඉපදුනෙ.පුතාව ඩොක්ටර් අතට අරන් මෙන්න පුතෙක් කියල මුණ ලගටම පෙන්නල.දුවව ගන්න වෙලාවෙ සම්පුර්ණ සිහිය නැති කරල.
බබාලා බඩේ දගලද්දී අත ගගා එයාල එක්ක කතා කරන්න ඕන,සින්දු කියන්න ඕන.එයාල දැගලිල්ල නවත්වල අහන් ඉන්නව.
දුවක් පවුලට මුලින්ම වාසනාවයි කියනවනේ, අනික කොහොමත් තාත්තල තමයිනේ දූලට ගොඩාක් ආදරේ..
Deleteඅපොයි මේ දූගේ අම්මට කිව්වම සිංදු කතා කියන්න කියලා අනේ මට බෑ මට පිස්සු කියල හිතයිනේ කියනවා
මගෙ කෙල්ලට අවුරුදු විසි එකයි.. තාමත් මගෙ පොඩි එකී.. ලේසියෙන් මාව සීය කරන්න බැරි ජොබ් එකක්නෙ තෝරගෙන ඉන්නෙ.
ReplyDeleteඅපි මාමලා :P
ReplyDeleteලොකු මාමේ ලොකු මාමේ.... අයියෝ මේ චුටි මට ... :D :P
දූ සිඟිත්ති පවුලට වාසනාවක් :)
මං ඉතින් දැන් චුටි දුවෙක්ගේ තාත්තා වෙලා නේ ඉන්නේ. :)
ReplyDelete