Wednesday, October 21, 2015
Monday, June 15, 2015
මගේ නොවන මගේම හිත...
හොයාගන්න
නෑ වෙලාවකට
ඔහේ
ගිහින් රස්තියාදුවක
අනිත්
අයගේ දුක බලන්න,
අනිත්
අයට හයිය දෙන්න
පැමිණිලි
නම් ගොඩයි ඔන්න,
ඕනි වෙලාවක
රවුමක
දුක
දැනුනම මට කියන්න
හිතවත්
නෑ මගේ තනියට
කියන්න
වෙන නෑ කවුරුත්
අහන්න
ඉන්නේ නුඹ නම්
දුවන්නේ
ඇයි මග අරිමින්,
ඉන්නම
වෙනවා ලග මම්,
දුක
හිතුනම අඩන රගේ
දන්නේ
මම විතරයි හැටි
උණුවෙන
බව වෙඩරු වගේ
ලගින් ඉන්න
හැමදාමත්
දිනාගන්න
ලොව තාමත්
මගේ නොවී
මගේ වෙන්න
බෑ නුඹ
මගේ හිත තාමත්..
Sunday, January 18, 2015
නංගි Girl
අද
උදේ නිකමට වගේ දුකා අයියාගේ බ්ලොග් එක පැත්තේ කරක් ගැහුවේ පොත් ගැන දුකා අයියා දාපු සටහන් ටිකක් කියවන්න. ඒ අතරෙදි දැකපු පෝස්ට් එකක් කියවන්න ගියාම ඇස් දෙකට කදුළු පිරුනේ මටත් ඒ සමානම අත්දැකීමක් තියන නිසා. පෝස්ට් එක තමයි කරදරකාර නංගී.
ජීවිතේ
වැටෙන වෙලාවට නැගිටින්න, හිත
සැහැල්ලු වෙලාවට උඩ පැන පැන නටන්න, ඔය හැමදේටම මටත් ඉන්නවා නංගියෙක්. ලස්සනම බෝනික්කියෙක්.
ඇත්තටම
අම්මි, තාත්ති හැරුනාම මගේ ජීවිතේ මේ තරම් නැගිටින්න මගේ ලගින් හිටියේ නංගි. වයසින් අවුරුදු 6ක් බාල නිසා පුංචි කාලේ නම් අපි අතරේ තිබුනේ නොගැලපීමක්. මම සෙල්ලම් කරන කාලෙදි ඇය ඒ සෙල්ලම් වලට එකතු වෙන්න බැරි තරම් පුංචි වීමත් ඇය සෙල්ලම් කරන කාලේ වෙද්දි මම සෙල්ලම් කරන කාලේ පහුවෙලා තිබීමත් ඒකට හේතු වුනා.
ඒ
කාලේදි පුංචි
පුංචි දුෂ්ට වැඩත් මගේ අතින් නොකෙරුනාම නෙමෙයි. ඉස්කෝලෙට පය තියන්නත් කලින් ඇය අකුරු කියවන්න ලියන්න පුළුවන් කරවන්න මට ඕනි වුනා. ඉතිං මගේ පොඩි මේසේ තියාගෙන බැන බැන අකුරු උගන්නද්දි ඇස් වලින් වැටෙන කදුළු ඇය හිරකරගෙන ඉන්න හැටිත්, බැරිම වුනාම අම්මි දිහා බලල කට ඇඹුල් කරන හැටිත් මට මැවිලා පේන්නේ ඒ සිද්ධි අද ඊයේ වුනා වගේ.
අවුරුදු
2 1/2 වගේ පොඩි කාලෙදි ලොකු කහ කුරුල්ලා බස් එකකට අඩ තියන්න නංගි උත්සාහ කරපු සිද්ධියත් මගේ ජීවිතේ අමතක නොවන දෙයක්. හීරීම් හැර වෙන ලොකු තුවාල නැතිව ඇගේ ජීවිතේ බේරීම අදටත් හාස්කමක්.
ඒ
දවස් වල ගෙදර අපි දෙන්නගේ කාමරේ ඇදවල් දෙකට වෙලා රෑ වෙනකන් අපි දෙන්න කුටු කුටු ගාන්නේ පොඩ්ඩක් හරි ඇහිච්ච ගමන් “මොකද මේ සද්දේ දෙන්නගේ නිදාගන්නේ නැද්ද” කියලා අම්මිගේ නෝක්කඩුව ඇහෙනකන්.
වයසින්
වැඩිවෙද්දි අපි දෙන්න යාළුවෝ වගේ වුනේ ඒ විදිහට. දැන් උස, මහත, ඒ වගේම කකුලේ ප්රමාණයත් අපි දෙන්නගේ එකමයි. ඒ නිසා මම නිවාඩුවට යද්දි ඇදුම් ගෙනියන්නේ බොහොම සීමිතව. ඒ වගේම ඒ මම ගෙනියන ඒවා නිවාඩුව ඉවරවෙනකන් පාවිච්චි කරන්නේ නංගි
මම
වගේ කච කච ගාගෙන කඩේ දාගෙන නොහිටියට නංගී තමයි පවුලේ හැමෝගෙම ආදරේ වැඩියෙන්ම ලැබුන කෙනා. අම්මිගේ පැත්තෙන් ගත්තත්, තාත්තිගේ පැත්තෙන් ගත්තත් ඇය ගොඩාක් ආදරයට වගේම හුරතලයටත් පාත්ර වෙච්ච කෙනෙක්. වටේ වැඩිය යාලුවෝ නැති කෙනෙක්. ඒ වගේම තමන්ගේ පිළිවෙලට වැඩ කරන කෙනෙක්. අනිත් අයට පේන්න බොරුවට මවාපෑම් නැති කෙනෙක්. අදටත්
නංගිට වඩා පොඩි අය පවුලේ හිටියත් හැමෝගෙම ආදරේ දිනාගෙන හුරතල් වෙන්නෙ නම් මෙයා තමයි. රස්සාවක් කරත්, තාමත් අම්මිගේ චූටි පුතා, තාත්තිගේ චූටි බබා ඒ වගේම පුංචිලා තාමත් එක එක නම් කියනවා. පැටී, පැටියා, චුට්ටං, චොක්කා ඔය කියන නම් වලින් කිහිපයක්.
නංගිගේ
යාලුවෝ අවුරුදු 15 කින් වගේ වෙනස් වෙලා නෑ. ඒ කියන්නේ අවුරුදු 10 දි වගේ යාළුවෝ වෙච්ච කට්ටියම තමයි අදටත් ඉන්නේ. සමහරු ලංකාව හැර ගිහින් ඒත් එයාලගේ යාළුකම තාමත් ඒ විදිහටම පවතිනවා. එතනෙ විශේෂම දේ ඔය යාළුවෝ ගොඩේ කිසිම දවසක මම පිරිමි ළමයෙක් දැකලා නෑ. බොහොම ලගදි දවසක නංගිගේ හොදම යාළුවගේ වැඩකට අපි ගියාම එත හිටිය පිරිමි ළමයෙක් එක්ක නංගි හිනා වෙලා කතා කරා. මම ඇහුව කවුද ඒ කියලා. "යාළුවෙක්” නංගි කිව්වා. එදා තමයි පලවෙනි වතාවට නංගිගෙ පිරිමි යාළුවෙක්ව මම දැක්කේ. ඒ වෙලාවෙම මම ඒ මල්ලිට කිව්වා ඔයා තමයි මම දැකපු අපේ නංගිගේ එකම වගේම පළවෙනි පිරිමි යාලුවා කියලා, එතකොට ඒ මල්ලි කියනවා ඉතිං අක්කේ අදමනේ මෙයා මං එක්ක කතා කරෙත්"
මෙහෙන්
යන ඕනි කෙනෙක් අතේ මම නංගිට ඕනි දෙයක් යවනවා, වැඩියෙන් යවන්නේ සපත්තු. ඒත් ගමනක් යන්න
ගියාම හතරවටේ දුවන්නේ “මට දාන්න ෂූස් නෑනේ” කියන ගමන්. එතකොට තාත්ති බනිනවා "මේ
ළමයට අර ජයලලිතාට වගේ සපත්තු තියනවා ඒත් නෑ කියනවා" කියලා. එතකොට නංගි කියන්නේ
"ඒකනේ එකක් දෙකක් තිබුනනම් හරිනේ දැන් තෝරන්න ගියාම කරදරයිනේ"
පුංචි
කාලේ නංගි බෝනික්කියෙක් වගේ ලස්සනයි. නංගි 1 වසරට ඇතුල්කරාම මම තමයි උදේට එයාව පංතියට ගිහින් දාන්නේ. මගේ පන්තියට ඇවිත් මගේ යාළුවන්ගේ හුරතල් විදල යන නංගිගෙ අත මම එයාව පන්තියේ තියනකන් අත අරින්නේ නෑ. අම්මිගේ හැඩ හුරුවයි, තාත්තිගේ පාටයි එක්ක මිශ්ර වෙච්ච නංගි අද හුගාක් ලස්සන යුවතියක්. හරි වැරද්ද තේරෙන ඉහලට ඉගෙන ගත්ත, හොද රස්සාවක් කරන කෙල්ලෙක්.
මම
රස්සවක් කරන්න පටන් ගත්ත කාලේ ඉදලම ඇයට අවශය හැම දේම මට පුළුවන් උපරිමයෙන් ඇයට දෙන්න මම උත්සහ කරා. තවමත් ඒ විදිහම තමයි. මීට අවුරුදු 3 කට කලින් සිංහල අවුරුද්දට මම ගොඩාක් අසරණ වෙලා හිටියා, අතේ සල්ලි නැතුව,වෙන කෙනෙකුට තියා මටවත් දෙයක් ගන්න බැරුව මම ඇඩුවා. ඒ වෙලාවෙදි මම තවමත් පුංචියි කියලා හිතාගෙන ඉන්න මගේ නංගි තමයි මට ඇදුම් අරන් දුන්නේ.
තවමත්
මට නම් ඇය පුංචි කෙල්ලෙක්, මගේ ලග තියන ඕනිම දෙයක් දෙන්න තරම් මගේ හිතේ ඇය ගැන තියන ආදරය දැඩියි.
පෙරේදා
අපි දෙන්නටම දුක දවසක්. මම ගිය සැරේ උපන්දිනයට තෑගි දුන්න ෆෝන් එක නංගි අතින් නැතිවෙලා.
“අක්කි අමාරුවෙන් අරන් දුන්නේ ඒ නිසා අක්කිට කියන්න බෑ” කියලා ඉකිගහ ගහා අඩනවා. මම
කතාකරද්දිත් ගොඩාක් අඩන ගමන් “සොරි අක්කි මගේ අතින් ෆෝන් එක නැති වුනා” කිව්වෙ මගේ
හිතම කඩා වට්ටන ගමන්. ඒ වෙලාවේ මට කතාරගන්න බැරි වුනේ ෆෝන් සීයක් නැතිකරත් මගේ නංගිට
ප්‍රශ්නයක් නැතිනම් මට ඒක ප්‍රශ්නයක් නොවන නිසා.
පාඩම්
පොතක් ඇරෙන්න වැරදිලාවත් පත්තරයක්වත් නොකියවන නිසා මේක බලන එකක් නම් නෑ. ඒත් මගේ Nangi Girl, ඔයාට තමයි Akki Girl ගේ හැමදේම හැමදාම.
Subscribe to:
Posts (Atom)